කැල්ටෙක්ස් රගර් සූරයන්ට කුසලානය පිරිනැමේ

කැල්ටෙක්ස් රගර් සූරයන්ට කුසලානය පිරිනැමේ

2011 වසරේදී කැල්ටෙක්ස් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වූ රගර් තරග මාලාවේ අවසන් මහා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම් වෙත එම කුසලාන පිරිනැමීමේ උත්සවය කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කැල්ටෙක්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂක කිෂූ ගෝමස් මහතා සහභාගී වූ අතර නාවික හමුදා රගර් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා, ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ සභාපති, නාවික හමුදාවේ සහ කැල්ටෙක්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රගර් ක්‍රීඩාව හා සම්බන්ධ විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන නිලධාරින් සහ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක්ද සහභාගි විය.

මෙහිදී 2011 වසරේ හොඳම කණ්ඩායමට හිමි සම්මානය මහනුවර රගර් කණ්ඩායම හිමිකරගත් අතර හොඳම නැගී එන රගර් කණ්ඩායමට හිමි සම්මානය සහ 2011 වසරේ කැල්ටෙක්ස් ලීග් රගර් තරගාවලියේ අනුසූරතාව නාවික හමුදා රගර් කණ්ඩායම වෙත පිරිනැමුණි. එමෙන්ම හොඳම කණ්ඩායම් නායක වෙත පිරිනමනු ලබන සම්මානය නාවික හමුදා රගර් කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්‍ෂ වෙත පිරිනැමිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා