සුරාජ් රන්දීව් බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනේ

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්

සුරාජ් රන්දීව් බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනේ

සුරාජ් රන්දීව්ගේ විශිෂ්ට පන්දු යැවීමේ දස්කම් හේතුවෙන් අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් තුන්දින තරගාවලියේ ‘ඒ’ කොටස යටතේ බදුරලිය කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත් විය.

බදුරලිය පිලේ පළමු ඉනිමේ කඩුලු 3 ක් දවාලූ රන්දීව් දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් බිඳ හෙලමින් තරගය පුරා ලකුණු 237 කට කඩුලු 11 ක් දවා ගත්තේය.

බදුරලිය පළමු ඉනිම 226 - නිලූෂාන් නෝනිස් 100 (ටිරෝන් ගමගේ 54/3, සුරාජ් රන්දීව් 109/3) සහ දෙවැනි ඉනිම 379 - හැන්ස් ප්‍රනාන්දු 88, සහන් විජේරත්න 60 (සුරාජ් රන්දීව් 128/8)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 513/8 (ඉනිම අත්හිටුවන ලදී) - නදීර නාවෙල 117, සුමින්ද මෙන්ඩිස් 77, ප්‍රසන්න ජයවර්ධන 70, චාමර සිල්වා 64, චින්තක ජයසිංහ 58 (ලස්සන ඩයස් 202/4) සහ දෙවැනි ඉනිම 94/3 - සංජය ගංගොඩවිල නොදැවී 52 (ලස්සන ඩයස් 28/2)

මුවර්ස් පිලට ලකුණු 186ක ජයක්

ලංකන් ක්‍රීඩා සමාජය සමඟ මුවර්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 186 ක ජයක් අත්කර ගැනීමට මුවර්ස් පිල සමත්විය.

මුවර්ස් පළමුඉනිම 304 - ශෙහාන් ජයසූරිය 61, භාතිය පෙරේරා 60, දිල්හාර ලොකුහෙට්ටිගේ 52 (ගයාන් සිරිසෝම 76/3, රජීව වීරසිංහ 81/3) සහ දෙවැනි ඉනිම 272/5 (ඉනිම අත්හිටුවන ලදී) - දිල්හාර ලොකුහෙට්ටිගේ නොදැවී 101, කසුන් බෝධිෂ 69

ලංකන් පළමු ඉනිම 198 - අශේන් සිල්වා 109 (ශෙහාන් ජයසූරිය 56/5) සහ දෙවැනි ඉනිම 192 - සාලිය සමන් ජීවන්ත 53 (දිනුක හෙට්ටිආරච්චි 55/8)

මේ අතර කෝල්ට්ස් සහ එස්. එස්. සී. අතර කෝල්ට්ස් පිටියේ පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් පිල සමත් විය. එහිදී එස්. එස්. සී. පිලේ තිලාන් සමරවීර (102) සහ තිළිණ කණ්ඩම්බි (124) ශතක වාර්තා කළ අතර කෝල්ට්ස් පිල වෙනුවෙන් කුෂාල් ජනිත් පෙරේරා (186) සහ හර්ෂ විතාන (157) ශතක ලබා ගත්හ.

එන්. සී. සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාගම කණ්ඩායම සමත් විය. රාගම පිල වෙනුවෙන් රුමේෂ් බුද්ධික (109), උදාර ජයසුන්දර (154) සහ ඉයන් ඩැනියෙල් (110) ශතක රැස්කළ අතර එන්. සී. සී. පිල වෙනුවෙන් ජෙහාන් මුබාරක් නොදැවී ලකුණු 131 ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී රාගම පිලේ මාලිංග බණ්ඩාර එන්. සී. සී. පළමු ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 7 ක් දවාලීය.

සරවනමුත්තු පිටියේ පැවැති තරගයේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා