එක්දින තරගයේ ජය සාන්ත සෙබස්තියන් විදුහලට

එක්දින තරගයේ ජය සාන්ත සෙබස්තියන් විදුහලට

වේල්ස් කුමර විදුහලත්, ශාන්ත සෙබස්තියන් විදුහලත් අතර වාර්ෂිකව පැවැත්වූ 27 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 54 ක පහසු ජයක් අත්විය. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් විදුහල පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 275 ක් වාර්තා කිරීමට සමත් විය. සනිත ද මෙල් සහ අනුෂ්ක පෙරේරා ලකුණු 78 බැගින් වාර්තා කළහ. හෂාන් ප්‍රනාන්දු ලකුණු 67 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විදුහල ලකුණු 221 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් රැස්කළේය. නිමේශ් ප්‍රනාන්දු ලකුණු 48 කට කඩුලු 3 ක් දවාලීය.

ශාන්ත සෙබස්තියන් විදුහල 275/8 (ඕවර 50) - සනිත ද මෙල් 78, අනුෂ්ක පෙරේරා 78, අවිශ්ක ප්‍රනාන්දු 30 (හෂාන් ප්‍රනාන්දු 4/67, ෂනුක දුලාජ් 2/54)

වේල්ස් කුමර විදුහල 221 (ඕවර 45.1) - කුසල් මෙන්ඩිස් 93, තරිඳු ඩිල්ශාන් 21, ක්‍රිශේන් අපෝන්සු 30 (නිමේෂ් ප්‍රනාන්දු 3/48, අමිල අපෝන්සු 2/28)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා