කටුගෙයි රාජකීය සොරකම: රහස් පොලිසියෙන් පරීක්‍ෂණ

කටුගෙයි රාජකීය සොරකම: රහස් පොලිසියෙන් පරීක්‍ෂණ

කොළඹ කෞතුකාගාරයේ ඓතිහාසික රාජකීය භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධිය සම්බන්‍ධව පරීක්‍ෂණ පවත්වන රහස් පොලීසිය දුරකතන කුලුනු ඔස්සේ ලබාගත් පර්යේෂණ සාක්කිවලින් සොරකමට අදාළ තොරතුරු රැසක් සොයා ගෙන ඇත.

මේ තොරතුරුවලට අනුව ඊට සම්බන්‍ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් කීපයක් මෙහෙයුම් සිදු කරයි.

කෞතුකාගාරයේ අභ්‍යන්තරයේ රාජකාරී කටයුතු කරන කිසිවකුගේ සහාය ඇතුව මේ සොරකම සිදුකළ බවට පැහැදිලි වී ඇත. මේ වන විටත් එසේ සැක කරන කිහිප දෙනකුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ස්ථාන කීපයක සෝදිසි කිරීම් සිදු කර තිබේ.

ඒ අතර කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙනමම කළ පරීක්‍ෂණයකින් අදාළ රාජකීය භාණ්ඩ ආරක්‍ෂාවට කටයුතු කළ කිහිප දෙනකුගේ වැඩ තහනම් කිරීමට ඊයේ පියවර ගෙන තිබුණි.

රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක, අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා