අවුරුදු කාලේ නොහික්මුණු රියැදුරන්ට වැට

අවුරුදු කාලේ නොහික්මුණු රියැදුරන්ට වැට

බස් ඇතුළට සිවිල් පොලිස්

අලුත්අවුරුදු සමයේ කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නන් හා අවිනීත රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දුරගමන් බස් රථවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

ආවේශන නිලධාරීන් ලෙස ඉතා රහසිගතව යොදවන මේ නිලධාරීන් කොළඹින් පිටත යන සියලු බස් රථවල උත්සව සමය අවසන වනතෙක් ගමන් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් හා රණ් අභරණ කොල්ල කන්නන් විවිධ අපචාර වල යෙදෙන්නන් අවිනීතව හැසිරෙන්නන් මේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලබයි.

මාර්ග නීති උල්ලංඝනය කරමින්, ජංගම දුරකථන භාවිතා කරමින් ගමන් ගන්නා රියදුරන් ද මෙහිදී අත්අඩංගුවට ගැනේ. මගී ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා පොලිස්පතිවරයා ගේ විශේෂ උපදෙස් මත සිවිල් නිලධාරීන් මගී බස් රථවලට යෙදවීම සඳහා පියවර ගත් බව අජිත් රෝහණ මහතා වැඩිදුරත් සඳහන් කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා