කුමාර් හෙවත් නොයෙල් හා දිමුතු ගැන තානාපති සේවා දැනුවත් කෙරෙයි

කුමාර් හෙවත් නොයෙල් හා දිමුතු ගැන තානාපති සේවා දැනුවත් කෙරෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල දැනුවත් කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ දෙදෙනා සම්බන්ධයෙන් වන සිද්ධීන් පිළිබඳ මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ, විද්වතුන්, සිවිල් සමාජ උත්සාහ ් අතුරුදන් වීම රජයේ දැනුවත් වීමෙන් සිදුවූවක් යයි හුවා දැක්වීමට බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගුණරත්නම් නැමැත්තා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ පුද්ගලයකු බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය එලෙස පිටුවහල් කර ඇත්තේ මෙරට ආගමන හා විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බවද කියා සිටී.

ඒ හේතුවෙන් මොවුන් සම්බන්ධයෙන් කොළඹ පිහිටි විදේශ තානාපති සේවා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ප්‍රේමකුමාර් ගුණරත්නම් නැමැත්තා අවස්ථා තුනකදී නම වෙනස් කර තිබෙන බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඔහුගේ විවාහ සහතිකයේ වන්නිනායක මුදියාන්සේලාගේ දස්කොන් යනුවෙන් ද ශ්‍රී ලංකාවෙන් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයේ රත්නායක මුදියාන්සේලාගේ දයාලාල් යනුවෙන් ද සඳහන් වන අතර නොයෙල් මුදලිගේ යනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් ලබා ගත් විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මේ පුද්ගලයා මාස 05 ක කාලයක් වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිට තිබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා