මාරවිල වෛද්‍යවරියගේ මරණය ආමාශික ප්‍රදාහ එන්නත විස වීමෙන්

මාරවිල වෛද්‍යවරියගේ මරණය ආමාශික ප්‍රදාහ එන්නත විස වීමෙන්

එන්නත් ලබා ගැනීමෙන් පසු මියගොස් සිටි තරුණ වෛද්‍යවරියගේ මරණයට හේතුව ආමාශික ප්‍රදාහක තත්ත්වයක් මැඩපැවැත්වීමට ගත් එන්නතක් විස වීම බව හෙළි විය.

මියගොස් සිටියේ හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කළ හලාවත කොරයාවත්තේ විසූ නිර්ජාප්‍රනාවන් (28) නමැති වෛද්‍යවරියයි. ඇගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ඊයේ (17දා) හලාවත රෝහලේ දී සිදු කර වාර්තාව ඉදිරිපත් කරන ලදී. සිරුරේ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා පරීක්ෂණ කර වාර්තාවක් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.

හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා හලාවත රෝහල් මෘත ශරීරාගාරයට හා ඇය තාවකාලිකව විසූ කොරයාවත්තේ නිවසට ද ගොස් මූලික විමර්ශනයක් සිදු කර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයෙන් පසු සිරුර ඇගේ සැමියාට බාර දීමට ද නියම කළේය.

පේදුරුතුඩුව ව්‍යාපාරිමුලපාහි විසූ ඇය පසුගිය මාර්තු මස හලාවත රෝහලේ සේවයට පැමිණ හලාවත කොරයාවත්තේ නිවසක ජීවත් වී ඇත. මෙයට මාස දෙකකට කලින් හලාවත රෝහලේම සේවය කළ වෛද්‍යවරයෙකු හා විවාහ වූ පසුව දෙදෙනාම එම නිවසේ ජීවත් වී ඇත.

පසුගිය 16දා දහවල් නිවසට ආ ඇය ගෙය නිවස අතුපතු ගා කුණු ඉවත් කරනු එම නිවස හිමිකරුවන් දැක ඇත. ඒ අතර දහවල් ඇගේ සැමියා නිවසට පැමිණි විට ඔහු “අක්කේ අක්කේ” ගෙවල් හිමියන් කැඳවා ඇත. ඔවුන් ගොස් බැලූවිට මියගිය වෛද්‍යවරිය ඇඳක් මත දිගාවී වැටී සිටි අතර අතට සවිකර තිබූ කැතියුලාවක් මගින් එන්නතක් ලබා තිබූ අතර වහාම ඇයව රෝහලට ගෙන ගිය පසු ඇගේ මරණය සිදුව ඇති බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

එම එන්නත විසවී හෘදය දුර්වල වී මේ මරණය සිදුවූ බවත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය. දේහය පිළිබඳ අවසන් කටයුතු පේදුරුතුඩුවේ දී සිදු කිරීමට ද අධිකරණ නියෝගයක් ලැබී තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා