ශ්‍රී ලංකාවට විරෝධය පෑ චෙන්නායිහි 30ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට විරෝධය පෑ චෙන්නායිහි 30ක් අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූ ඉන්දියා ජාතිකයන් 30 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වසාදමන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතා ව්‍යාපාරයේ නිරතව තිබෙන අතර ඉන්දියාවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයකට අයත් නියෝජිතයන් පිරිසක් මෙම විරෝධතා සංවිධානය කර ඇතැයි වාර්තා වෙයි.

විරෝධතාකරුවන් පිරිස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තුළට ඇතුළු වී තිබෙන අතර එහිදී ඔවුන් කලහකාරී ලෙස ක්‍රියාකර තිබෙන බවද වාර්තා වෙයි.

මෙම සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය අවට ‍පොලිස් ආරක්ෂාව තර කිරීමටද ඉන්දීය පොලීසිය කටයුතු යොදා තිබෙන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා