යතුරු පැදියක ගිය පොලිසියේ තිදෙනා කැන්ටර් රථයේ ගැටී එතැනමයි

යතුරු පැදියක ගිය පොලිසියේ තිදෙනා කැන්ටර් රථයේ ගැටී එතැනමයි

පන්නල – ඇලබඩගම ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පන්නල පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් නවතා තිබූ කැන්ටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගියහ.

පන්නල පොලීසිය අනුයුක්තව සේවය කරමින් සිටි මෙම පොලිස් නිලධාරීන් තිදෙනා 18 දා රාත්‍රි ඇලබඩගම ප්‍රදේශයට ගොස් රාත්‍රි ආහාර ගෙන ආපසු එකම යතුරු පැදියකින් පන්නල දෙසට එමින් සිටියදී රාත්‍රි 11.55ට පමණ පාර අයිනේ නවතා තිබූ කැන්ටර් රථයක පසුපස හැපීමෙන් මේ අනතුර සිදුව ඇත.

ඒ වහාම මොවුන්ව සඳලංකාව දිසා රෝහලට ගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් තිබිණි.

මිය ගිය පොලිස් නිලධාරීන් තිදෙනාම අවුරුදු 22, 23, 24 වයස්වල පසුවන අවිවාහක තරුණයන් තිදෙනකු වන අතර ඔවුන් පොලොන්නරුව, කිරම සහ නවගත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙසේ මියගොස් ඇත්තේ අයි. එල්. එච්. බී. දිනේශ් මධුශංඛ (24) පොලොන්නරුව, කේ. ඩී. ගයාන් අසංක (22) කිරම සහ එන්. එච්. එච්. ප්‍රියංකර සෙනෙවිරත්න (23) නවගත්තේගම යන අයවලුන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ 19 දා කුලියාපිටිය මුුලික රෝහලේදී පැවැත්වුණු අතර ඉන් පසු ඔවුන්ගේ මෘත දේහ පන්නල නගරයට ගෙනැවිත් ප්‍රදේශවාසීහු මහත් හරසරින් උපහාර දැක්වුහ.

කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි (03) පියසිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පිට පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. ජූඩ් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා