දාහතර හැවිරිදි දැරියකට අතවර කළ පස් දෙනාගෙන් 2ක් සපුගස්කන්දේ දී අත්අඩංගුවට

දාහතර හැවිරිදි දැරියකට අතවර කළ පස් දෙනාගෙන් 2ක් සපුගස්කන්දේ දී අත්අඩංගුවට

මාකොළ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර සිදු කළ පහේ තරුණ කල්ලියක දෙදෙනෙකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට සම්බන්ධ සෙසු තරුණයින් තිදෙනා ප්‍රදේශය හැර ගොස් සැඟ වී සිටිති.

අත්අඩංගුවට ගත් දෙදෙනා කොහල්විල හා ගල්වල හන්දිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන් වෙති.

ඇය මව්පියන් සමග අමනාප වී මවුපියන්ට හොර රහසේ නිවෙසින් පිට වී ගොස් පසුව රාත්‍රියේ එම ප්‍රදේශයේම සැලුන් එකකට පැමිණ නවාතැන් ගෙන සිටිය දී මේ අපරාධය සිදු වී තිබෙන අතර ඇය මීට ප්‍රථම ඇයගේ පෙම්වතාගෙන් අනාථ වී සිටින බව ද කියැවේ.

පෙරේදා (19 වැනිදා) මේ සැකකරුවන් දෙදෙනා මහර වැඩ බලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ඔවුන් ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. දිසානායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. ඒ. තුසිත ජයකොඩි, පො. කො. තිලකරත්න (36589), කීර්ති (70501), ජයවර්ධන (12011), කාන්තා පො. සැරයන් සන්ධ්‍යා (1086) හා කා.පො. කො. දර්ශනී (4109) යන නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා