රට යවන බව පවසා කෝටි 2ක් වංචා කරලා

රට යවන බව පවසා කෝටි 2ක් වංචා කරලා

ඉතාලිය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලට යවන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කරමින් ලබා ගත් බව කියන යුවලක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම යුවළ මරදාන, නුගේගොඩ සහ දෙහිවල යන ප්‍රදේශවලදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වංචා විමර්ශන අංශයේ පොලිස් නිලධාරියකු ‘දිනමිණ’ට ඊයේ (25) පැවැසීය.

කුරුණෑගල, ගාල්ල, නුවර, කොළඹ සහ ඒ අවට පුද්ගලයින්ගෙන් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

සැකකාර යුවළ පදිංචි ස්ථානයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර අවසන් වරට මරදාන ප්‍රදේශයේ රැඳී සිට ඇතැයි පැවසේ. ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශවලද රැඳී සිටි ඇති බවට තොරතුරු ලැබී ඇත. සැකකරුවන් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට පහ දක්වා මුදල් ලබාගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා