මාවතගම ව්‍යාපාරිකයා වෙඩි පහරින් මරුට

මාවතගම ව්‍යාපාරිකයා වෙඩි පහරින් මරුට

මාවතගම නගරයේ ව්‍යාපාරිකයකු 23දා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇත. මාවතගම රඹක්ක සුමිත් කුමාරසිංහ (36) නමැති මොහු එක්දරු පියෙකි. එදින රාත්‍රි 10.00 ට පමණ තම බිරිඳ සමග නිවසේ ඉදිරිපිට සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

පපුව පෙදෙසට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම ඔහු මියගොස් තිබේ. මාවතගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා