නීති විරෝධිව ඉන්දියාවෙන් මෙරටට ආ දෙදෙනෙක් දැලේ

නීති විරෝධිව ඉන්දියාවෙන් මෙරටට ආ දෙදෙනෙක් දැලේ

ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට පැමිණ සිටි දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිසිය සමත්වී ඇත.

ඉකුත් 24 වැනි දින මේ ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ නිල්ලඩිය ප්‍රදේශයේ නිවෙසක සිටියදීය.

ගමන් බලපත් හෝ වීසා බලපත් කිසිවක් ඔවුන් සතුව තිබී නැත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා අවුරුදු 22 සහ 34 වයස්වල පසුවෙන්නන් බව ප්‍රශ්නකිරීම්වලදී හෙලිවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා