කිරි හිරවී සිවුමස් බිලින්දා මරු දකී

කිරි හිරවී සිවුමස් බිලින්දා මරු දකී

කිරි හිරවීමෙන් මාස හතරක බිලිඳකු මිය යාමේ සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියෙන් ඊයේ (24) අනාවරණය විය. මෙසේ මිය ගොස් ඇත්තේ නො 187 රත්මළුගම්මාන පාර නැටොල්පිටිය රන්න තංගල්ල පදිංචිව සිටි ගොඩවත්ත ආරච්චිගේ බිනර යුමලික නැමැති බිලිෙඳකි.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය කොළඹ අතිරේක හදිසි මරණ පරීක්ෂක අෂ්රොප් රූමි මහතා විසින් ඊයේ පවත්වන ලදී. වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය උගුරේ කිරි හිරවීමෙන් හුස්ම හිරවී සිදුවූ බවට නිගමනය කළේය.

බොරැල්ල ළමා රෝහල් පොලිසියේ පො.කො. සදුන් මහතා සාක්ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා