ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ අක්කර 14ක කංසා හේනක්

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ අක්කර 14ක කංසා හේනක්

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ හොර රහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය අක්කර 14ක පමණ කංසා හේනක් ලුණුගම්වෙහෙර පොලීසිය (24) වටලනු ලැබීය.

ලුණුගම්වෙහෙර - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 14 ක් තරම් දුරක ඉතා රහසිගතව මෙම ගංජා හේන වෙහෙරගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබේ.

ලුණුගම්වෙහෙර පොලීසියේ නිලධාරිහු දින කිහපයක් කැලයේ සැඟවී සිට ගංජා හේනට පමිණ එය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඉතා සරුවට වැඩුනු ගංජා ගස් කපා විනාශ කිරීම දින දෙකක් සිදුකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා