රොඩු ගොඩට තැබූ ගින්නෙන් කාන්තාවක් පිළිස්සී මිය යයි

රොඩු ගොඩට තැබූ ගින්නෙන් කාන්තාවක් පිළිස්සී මිය යයි

වියළි රොඩු ගොඩකට ගිනි තැබීමේදී ඇතිවූ ගින්නකින් කාන්තාවක් පිළිස්සුම් තුවාල ලැබීය. ඇය කොළඹ මහ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී 23 දා මියගොස් ඇත.

මෙසේ මියගියේ අංක 33 අත්කම් නිවස උතුරු පයාගල පයාගල පදිංචිව සිටි වර්ණකුල ආරච්චි රාළලාගේ මේරි මාග්‍රට් ප්‍රනාන්දු නැමැති 72 හැවිරිදි හත්දරු මවකි.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා විසින් මේ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

පයාගල පොලිසියේ තිලකරත්න හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ සාක්ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා