තුන්වැනි ටෙස්ට් තරගයට මැක්සෙල් කැඳවයි

තුන්වැනි ටෙස්ට් තරගයට මැක්සෙල් කැඳවයි

ශ්‍රී ලංකාව සමග සිඩ්නි නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්සෙල් කැඳවා තිබේ.

ඔහු කණ්ඩායමට ඇතුලත් වී ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ උපනායක ෂේන් වොට්සන් වෙනුවටය.

මේ අතර පාදයේ ආබාධයකට ගොදුරු වී සිටියදිත් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නායක මයිකල් ක්ලාක්ට තුන්වැනි ටෙස්ට් තරගය සඳහා‍ සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බැවින් ඉදිරි දින කීපයේ දී ඔහුගේ තත්ත්වය සළකා බලා ඒ වෙනුවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිතිකරු උස්මාන් ක‍වජා කණ්ඩායමට ඇතුලත් කරගැනීමට නියමිතය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ එක්දින තරගබිමේ දී පන්දු 19කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් එරට දේශීය තරගබිමේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කීමට 24හැවිරිදි මැක්සෙල් සමත්විය.

පිතිකරණයට අමතරව ඔහු පිට දඟපන්දු යවන්නෙකු ලෙසත් දස්කම් දක්වා තිබේ.

තුන්වැනි ටෙස්ට් තරගයට නම් කළ ඔස්ට්‍රේලියානු පිල – මයිකල් ක්ලාක් (නායක), ජැක්සන් බර්ඩ්, එඩ් ‍කොවන්, පිල් හියුස්, මයික් හසී, මිචෙල් ජොන්සන්, උස්මාන් කවජා, නේදන් ලියොන්, පීටර් සිඩ්ල්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටාක්, ග්ලෙන් මැක්සෙල්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා