අමෙරිකාවේ ක්‍රිකට් ප්‍රචලිත කිරීමට ඔස්ට්‍රේලියාවෙන් නිලධාරියෙක්

අමෙරිකාවේ ක්‍රිකට් ප්‍රචලිත කිරීමට ඔස්ට්‍රේලියාවෙන් නිලධාරියෙක්

අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ සැලැස්ම අනුව බටහිර ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංගමයේ හිටපු ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යධිකාරී ඩැරන් බීස්ලි අමෙරිකා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.

ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටා ඇති එම සංගම් මූලස්ථානයේ දී ඔහු ලබන මස සිය තනතුරෙහි කටයුතු අරඹනු ඇතැයි පැවැසේ.

අමෙරිකා කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට බීස්ලිගේ සහාය ඉතා වැදගත් වනු ඇතැයි අයි.සී.සී.යේ ලෝක ක්‍රිකට් සංවර්ධන ටිම් ඇන්ඩර්සන් විශ්වාසය පළ කළේය.

අයි.සී.සී.යේ නිත්‍ය සාමාජිකයන් සහ සාමාජික නොවන රටවල ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ දී මුහුණ දීමට සිදුවූ බොහෝ දුෂ්කරතා වර්තමානයේ අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ දී මුහුණදීමට සිදුනොවනු ඇතැයි ඔහු කීවේය.

2010 වසරේ නොවැම්බර් මාසයේ දී දොන් ‍ලොකබී තනතුරෙන් පහ කිරීමෙන් අනතුරුව අමෙරිකා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හිස්ව පැවැති අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට නබීල් අහමඩ් තාවකාලික විධායක නිලධාරීයා ලෙස කටයුතු කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා