ලයන්හාට් ක්‍රිකට් 12දා කුලියාපිටියේ දී

ලයන්හාට් ක්‍රිකට් 12දා කුලියාපිටියේ දී

කුලියාපිටිය ලයන්හාට් ක්‍රීඩා සමාජය සංවිධානය කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ලබන මස12වැනිදා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නාගරික මන්ත්‍රී මහේෂ් බුද්ධික අභියෝග ශූරතාව සඳහා වන තරගාවලියට සහභාගි වියහැක්කේ කුලියාපිටියේ රාජ්‍ය සහ වෙළඳ සේවා ආයතන කණ්ඩායම්වලට පමණි.

තරගාවලියේ ශූරතාව සඳහා කුසලානය සමග රු.10000ක් අනුශූරතාව සඳහා රු.5000ක් මුදල් ත්‍යාග හිමිවන අතර තරගයේ වීරයා, හොඳම පන්දු යවන්නා හා තරගාවලියේ වීරයා සඳහා ද ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

තරගාවලියට එක්වීම සඳහා අයැදුම්පත් 'ලේකම්, ලයන්හාට් ක්‍රීඩා සමාජය, 525, මාදම්පේ පාර, කුලියාපිටිය ලිපිනයට යොමු කළ යුතු අතර වැඩි විස්තර දු.ක 072 4348326, 072 8702425මගින් ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා