උපකරණවලින් වැඩක් ගෙන නැතිලු . . .

උපකරණවලින් වැඩක් ගෙන නැතිලු

ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් පාණදුර ප‍්‍රාදේශීය සභාවට ලබාදුන් බෝට්ටු ආදී උපකරණ වැඩකට නොගෙන පැත්තක දමා ඇතැයි පාණදුර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර නන්දන සොයිසා (එ. ජා. ප.) මහතා පවසයි.

එහි ඇති විදුලි උත්පාදක යන්ත‍්‍රයද මේ දක්වා ප‍්‍රයෝජනයට ගෙන නොමැති බවද ඒ මහතා පවසයි.

මෙ කරුණු සම්බන්ධව නන්දන සොයිසා මහතා පාණදුර ප‍්‍රාදේශීය සභාවේ ජනවාරි මස රැස්වීම් වාරයේදී පාණදුර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා