වැලිපැන්න පොලිසියෙන් නඩු 766 කින්  . . .

වැලිපැන්න පොලිසියෙන් නඩු 766 කින්
රු. ලක්ෂ 45ක දඩ ආදායමක් රජයට

වැලිපැන්න පොලිසිය දඩමුදල් ලෙස රුපියල් ලක්ෂ 45 කට අධික මුදලක් රජයට ලබාදී ඇත.

පසුගිය වසර ඇතුළත මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනලද නඩු විශාල ප‍්‍රමාණයක් වෙනුවෙන් දඩමුදල් ලෙස හා හතලිස් පන්ලක්ෂ තිස් නව දාහක මුදලක් රජයට ලබාදීමට වැලිපැන්න පොලිසිය සමත්වී ඇත.

සීල් අරක්කු ගෝඩා හැලි අරක්කු බලපත‍්‍ර නොමැතිව අලෙවි කිරීම අනවසර දැව ප‍්‍රවාහනය ආදී නඩු 766 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මේ දඩමුදල් ප‍්‍රමාණය අයකරගැනීමට හැකිවිය.

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දම්මික කාරියවසම් මහතා ඇතුළු සෙසු නිලධාරීන් විසින් මේ වැටලීම සිදු කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා