පාණදුර සාගර මාවත අලංකාරව . .  .

පාණදුර සාගර මාවත අලංකාරව
තබා ගැනීමේ වැඩ සටහනක්

පාණදුර නගර සභා බල ප‍්‍රදේශයට අයත් “ සාගර මාවත” අපද්‍රව්‍ය කළමනාකරණ ආදර්ශ ව්‍යාපෘතිය යටතේ අලංකාරව තබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කැර ඇත.

ටේලරය සමග අත්ට‍්‍රැක්ටරයේ යතුර බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ පි‍්‍රයන්ත සමරක්කොඩි මහතා විසින් බස්නාහිර හිටපු ප‍්‍රධාන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතාට භාරදෙනු ලැබූ අයුරුයි මේ. පාණදුර නගර සභාවේ ලේකම් ගීතානි ලොකුවැල්ල මහත්මියද මෙහි වෙයි.
ඡායාරූපය :– අළුබෝමුල්ල සමූහ

මේ වැඩසටහන් මෙහෙයවීම කරනු ලබන්නේ පාණදුර නගර සභාව සමග බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියයි.

සාගර මාවතේ කි‍්‍රයාත්මක කර ඇති මේ වැඩසටහන අනුව තම තමන්ගෙ නිවාසවලින් බැහැර කරන ද්‍රව්‍ය දැමීමට එම නිවෙස්වලට එක් නිවෙසකට බෑග් තුනක් සහ ප්ලාස්ටික් භාජනය බැගින් ලබාදී ඇත.

මේ අනුව පාණදුර නගර සභා සේවකයන් නිවෙස්වලට පැමිණ කසළ එකතු කිරීමට කටයුතු යොදා තිබේ.

මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග‍්‍රහය ලබාදී ඇත්තේ ඉතාලියේ ලාසියෝ ප‍්‍රාන්තය හා ඔයිස් ආයතනයි. ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනුයේ ‘ඒෂියා ඔන්ලූස් ආයතනයයි.

නගර සභාවේ ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යෑමට රුපියල් ලක්ෂ දහයකට ආසන්න උපකරණ තොගයක්ද ලබා දී තිබේ.

ටේලරය සමග අත් ට‍්‍රැක්ටරයක්, කරත්ත දහයක්, උදලු, රේක්ක , සවල් කසළ බෑග් ප‍්‍රවාහනය කිරීම සඳහා බයිසිකල් කීපයක්ද ලබාදී ඇත.

පාණදුර නගර සභාවට අයත් සාගර මාවතේ පරිසරය අලංකාරව තබා ගැනීම සඳහා කි‍්‍රයාත්මක වැඩසටහන යටතේ ඉතාලියේ ලාසියෝ ප‍්‍රාන්තය හා ඔයිස් ආයතනය මගින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ තොගයක් භාරදෙන ලදී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා