මවුබිම රකින වීරෝදාර රණවිරුවනට . . . .

මවුබිම රකින වීරෝදාර රණවිරුවනට
ජාතියේ ප‍්‍ර‍්‍රණාමය හිමි විය යුතුයි

- මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

ලෝකයේ බිහිසුණුම හා මිලේච්ඡ ත‍්‍රස්තවාදීන් හා මුහුණට මුහුණලා සටන් කර අපේ මාතෘභූමිය රැකගන්නා අපේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ වීරෝදාර අභීත රණවිරුවන්ට ජාතියේ නමස්කාරය හිමිවිය යුතුයයි මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පේ‍්‍රමසිරි විතාන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පමුණුගම පොලිස් බල ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා වසම් දොළහේ ග‍්‍රාමීය සිවිල් ආරක්‍ෂක කමිටු ඒකාබද්ධ බල මණ්ඩලයේ තෙවස් පූර්ණ ප‍්‍රණාම උළෙලේදීය. බෝපිටිය මුතුරාජ සංවිධාන ගොඩනැගිල්ලේ පැවති මේ උත්සවයේදී වැඩිදුරටත් කථාකළ පේ‍්‍රමසිරි විතාන මහතා, විදේශීය රටවලින් ආධාර ලබාගෙන ත‍්‍රස්තවාදී යුද්ධයට පණ පෙවූ ප‍්‍රභාකරන් පිළිබඳව මුළු ලෝකයටම වැටහිලා තිබෙනවා, ප‍්‍රභාකරන් මිනීමරු ත‍්‍රස්තවාදියෙක් බව.

සෑම දෙමළ මිනිහෙක් කොටියෙක් නොවන අතර, ඇතැම් සිංහල අය තම සිංහලකම අමතක කර මුදලට වහල්වී ත‍්‍රස්තවාදයට අතදී ඇති බව කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා. ස්වෙච්ඡාවෙන් ඇපකැපවී සේවය කරන සිවිල් ආරක්ෂක කමිටු ගැන අප ආඩම්බර වන අතර මේ කමිටු දේශයේ ප‍්‍රණාමයට ලක්විය යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා