විභාසිත් අතපත්තුට ඔබේ ආධාර ඕනෑ

විභාසිත් අතපත්තුට ඔබේ ආධාර ඕනෑ

අංගොඩ, හිඹුටාන, ජයන්ති මාවතේ 276/4 සී නිවසේ පදිංචි ඩී. පි‍්‍රයන්ත අතපත්තු මහතා ගේ එකම පුතුවන ඒ. එම්. විභාසිත් අතපත්තු (අවු: 3) දරුවා ලියුකේමියා රෝගයකින් පෙළෙමින් සිටී.

මේ දරුවාට මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා දී සුවය ලැබුණත්, යළිත් රෝගී තත්ත්වය උත්සන්න විය. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ගේ නිගමනය වී ඇත්තේ විභාසිත් අතපත්තු දරුවාට ඇටමිදුළු බද්ධ කළ යුතු බවයි. මෙය ශී‍්‍ර ලංකාවේ දී සිදු කළ නොහැක.

වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විභාසිත් දරුවා ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි CMCH Vellore රෝහල වෙත රැගෙන යා යුතුව තිබේ. ඒ සඳහා රුපියල් ලක්‍ෂ හැටක් පමණ වැය වන බව එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ආලෝක් ශි‍්‍රවස්තාවා මහතා ගේ නිගමනය වී තිබේ.

විභාසිත් අතපත්තු දරුවාගේ පියා වන පි‍්‍රයන්ත අතපත්තු මහතා පුද්ගලික සමාගමක සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. ඔවුනට ඇති එකම දේපොළ පදිංචි නිවෙස පමණි. එයද බැංකුවකට උගස් තබා ඇත.

පි‍්‍රයන්ත අතපත්තු මහතාට අවුරුදු දොළහක හා අවුරුදු හයක පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටී.

තම එකම පුතුගේ ජීවිතය බේරා ගැනීම සඳහා මුදලින් ආධාර කරන ලෙස පි‍්‍රයන්ත අතපත්තු මහතා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටී. විභාසිත් අතපත්තු දරුවා වෙනුවෙන් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ අංක 1004 5021 1111 දරන ගිණුමට ඔබේ පරිත්‍යාග යොමු කරන ලෙස අතපත්තු මහතා කාරුණිකව ඉල්ලා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා