ජාතික වුෂු තරගාවලියේදී අසංක - උත්පල - දමයන්ති රන් දිනති

ජාතික වුෂු තරගාවලියේදී අසංක - උත්පල - දමයන්ති රන් දිනති

ඉකුත්දා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති ශ්‍රී ලංකා වුෂු සම්මේලනය සංවිධානය කළ 11 වන ජාතික වුෂු තරගාවලියේදී අසංක අනුජීව විජේරත්න, උත්පල කුමාර මුනසිංහ සහ දමයන්ති සමරවික්‍රම යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා තමන් තරග කළ ඉසව් වලින් රන් පදක්කම් තුන බැගින් හිමිකර ගැනීමට සමත් වූහ.

ජය සංකේත හා සම්මාන ප්‍රදානෝත්සවය මහා මාර්ග සහ මාර්ග සංවර්ධන ඇමැති සහ ශී‍්‍ර ලංකා වුෂු සම්මේලනයේ සභාපති ටී.බී. ඒකනායක මහතාගේ ආරාධනයෙන් ක්‍රීඩා හා මහජන විනෝද ක්‍රියාකාරකම් ඇමැති ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ වසරේ බංගලාදේශ්වල පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා තරගාවලියට සහ නේපාලයේ පැවැත්වෙන සාක් රටවල ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත් කෙරෙන වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම ද මෙම තරගාවලියේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ ලේකම් මානෙල් ධර්මකීර්ති මහතා දිනමිණට පැවසී ය.

තාඔලු (නර්තන) සහ සංෂු(ද්වන්ධ සටන්) යන ඉසව්වලින් තරගාවලිය සමන්විත විය.

තරග ප්‍රතිපල

තයිචිජියුවාන් - පිරිමි

1.උත්පල කුමාර මුනසිංහ

2.තරුදු රාජපක්ෂ

3.ලසන්ත කුමාර

කාන්තා

1.ඊ.ජී.බී. මධුවන්ති

ජියංෂු - පිරිමි

1.ආර්.ඒ.වැලන්ගන්බර්ග්

2.නිපුන සන්දාස්

3.එච්.ජී.පී.එම්.ආරියරත්න

කාන්තා

1.මහේෂිකා වීරසිංහ

නන්දාවො - පිරිමි

1 රවීන්ද්‍ර සිල්වා

2.ජීවන් මයුරංග

3.ගයේෂ් සෙනවිරත්න

කාන්තා

1.දමයන්ති සමරවික්‍රම

2.නිෂාදි කෝෂිලා පෙරේරා

3. නදීශානි ලියනගේ

නන්ගුන් - පිරිමි

1.රවීන්ද්‍ර සිල්වා

2.එච්.එම්.පී.මදුරංග

3.බ්‍රියන් ජන්සන්

කාන්තා

1.දමයන්ති සමරවික්‍රම

2.නිශාදි ලක්ෂානි

3.නදීශානි ලියනගේ

චංචුවාන් - පිරිමි

1. අසංක අනුජීව විජේරත්න

2.සුවින් චන්දුල වික්‍රමරත්න

3.හසිත ලක්ෂාන්

කාන්තා

1.කේ.ජීනේන්ද්‍රා

2.ඩබ්.එම්.මහේෂිකා

3.නිල්මිනී එදිරිසිංහ

කායිචිජියුමි - පිරිමි

1.උත්පල කුමාර මුණසිංහ

2.අන්ජන සමීර තන්ත්‍රීගේ

3.මලිත් ප්‍රසාද් පෙරේරා

කාන්තා

1.ඊ.ජී.බී.මධුවන්ති

ජියංෂු - පිරිමි (තාඔලු)

1.අසංක අනුජීව විජේරත්න

2.හසිත ලක්ෂාන්

3.බ්‍රයන් ජන්සන්

කාන්තා

1. චූලනී උදයංගනී

නැන්ගුන් - පිරිමි

1. ජීවන් මධුරංග

2.එච්.එම්.පී.මදුරංග

3.මදුෂ රාජරත්න

කාන්තා

1.දමයන්ති සමරවික්‍රම

2. ලක්ෂිකා පෙරේරා

3.මාධවී පබුද්ධිකා

ගුන්ෂු - පිරිමි

1.උත්පල කුමාර මුණසිංහ

2.ආර්.ඒ.වැන්ලන්ගන්බර්ග්

3.නිපුන සන්දාස්

කාන්තා

1.මහේෂිකා වීරසිංහ

දාචිෂු - පිරිමි

1.අසංක අනුජීව විජේරත්න

2.සුමින් චන්ද්‍රල

3.හසිත ලක්ෂාන්

කාන්තා

1.චූලනී උදයංගනී

ද්වන්ධ සටන් අංශය කි.ග්‍රෑ.48 බර පංතිය

පිරිමි

1.ලක්ෂ්මන් ගුණසේකර

2. අමිල ප්‍රසංග

3.බී.දිසානායක

3.ආර්.පී.එච්.මනෝජ්

කාන්තා

1.පී.එම්.තිළිණි මුදලිගේ

2.කේ.සුදර්ශනී

3.නිදර්ශා සඳමාලි

3.විජිත කුසුම්සිරි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා