ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන්

ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන්

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර 1500 අවසාන තරගයෙන් ඉවත් වූ මොරොක්කෝවේ මේරියම් ඇලොයි සෙල්සොලි තහනම් ශරීර උත්තේජක භාවිත කළ බවට ඒ පිළිබඳ පරීක්ෂණයේදී ඔප්පු වී ඇතැයි පිළිගෙන තිබේ.

සූරතාවලියට පෙර රබාට් හිදී ඇය පරීක්ෂණයකට මුහුණ දුන් බවත් ඇයට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව මීටර් 1500 අවසාන තරගයට පෙර ඇයට අනතුරු ඇඟවූ බවත් සෙල්සොලි පවසා තිබේ.

2007 ඔසාකාහිදී පැවැති ලෝක තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත් වූ සෙල්සොලි තමා භාවිත කළ තහනම් උත්තේජකයේ නම කුමක්දැයි හෙළි නොකළා ය.

ඇය පිළිබඳ එවැනි තොරතුරක් ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයට ලැබී නැතැයි එම සංගමයේ ප්‍රකාශක නික් සේවිස් පැවැසී ය.

ඇය තහනම් ශරීර උත්තේජක භාවිත කළ බව ස්ථීර කෙරුණොත් එය මෙවර සූරතාවලියේ එවැනි තුන්වැනි සිදුවීම වනු ඇත. මොරොක්කෝවේ බාධක දිවීමේ ක්‍රීඩක ජමාල් චට්බි හා නයිජීරියාවේ මීටර 400 කඩුලු පැනීමේ සූර අමාකා ඔගෝබ්‍රනම් තහනම් ශරීර උත්තේජක භාවිත කළ බවට කළින් ඔප්පු විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා