ලිංගික පරීක්ෂණයට ලක් වූ කැස්ටර් ට වීරවරියකගේ පිළිගැනීමක්

 ලිංගික පරීක්ෂණයට ලක් වූ කැස්ටර් ට වීරවරියකගේ පිළිගැනීමක්

මලල ක්‍රීඩා නිලධාරීන් විසින් මතභේදාත්මක ලිංගික පරීක්ෂණයකට ලක් කරනු ලැබූ ධාවන සූරී කැස්ටර් සෙමින්යා මේ සතියේ යළි මව් රටට එද්දී ඇයට වීරවරියකගේ පිළිගැනීමක් ලබා දෙන බව ඇමැතිවරයෙක් ප්‍රකාශ කරයි.

බර්ලින් හි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී විශිෂ්ට දස්කම් පෑ මේ ක්‍රීඩිකාවට පිරිමි පෙනුමක් තිබෙන බැවින් ඇය ලිංගික පරීක්ෂණයකට ලක් කෙරිණි. මීටර 800 රන් පදක්කම දිනා ගත් ඇය සමග දකුණු අපි‍්‍රකාවේ ස්වදේශ කටයුතු ඇමැති කොන්සානා ලමිනි සුමා පෙරේදා දුරකථනයෙන් කතා කෙළේ ය.

ඇයට එරෙහිව ක්‍රියාත්මක කළ මේ සිද්ධියට ජාතියක් වශයෙන් අපේ සහාය කැස්ටර් ට ලබා දීම අපේ යුතුකමකි. ලමිනි සුමා කීවේය.

අපට කැස්ටර් යනු ලොව හොඳම මීටර 800 සූරියයි. ඇය යළි දකුණු අප්‍රිකාවට එන විට ඇයට වීරවරියකගේ පිළිගැනීමක් ලබා දිය ය‍්‍රුතුයි.

කැස්ටර් අද යළි මව් රටට පැමිණීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා