මහජන බැංකු ප්‍රාදේශිකයට සුවතා මධ්‍යස්ථානයක්

මහජන බැංකු ප්‍රාදේශිකයට සුවතා මධ්‍යස්ථානයක්

මහජන බැංකුව කොලඹ පිටත ප්‍රාදේශීය ක්‍රීඩා සමාජයේ ශරීර සුවතා මධ්‍යස්ථානය මහජන බැංකුව බටහිර කලාප ධ්ධ් සහකාර සාමාන්‍යාධිකාරී සරත් විජයසිංහ මහතා විසින් පසුගියදා මහජන බැංකුව නුගේගොඩ ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මේ ශරීර සුවතා මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා කොළඹ පිටත ප්‍රාදේශීය ක්‍රීඩා සමාජයට අවශ්‍ය සියලුම ව්‍යායාම් උපකරණ මහජන බැංකු ක්‍රීඩා සමාජය මඟින් ලබාදුන් අතර, මහජන බැංකුව සුබසාධක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර ටී. ඩී. එස්. ඩී. ජේ. පීරිස් හා මහජන බැංකුව කොළඹ පිටත ප්‍රාදේශිකයේ කළමනාකාර මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද එදින මේ උත්සවයට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා