ඩෙමෙන්ටීවා තෙවැනි ටෙනිස් කිරුළත් දිනයි

ඩෙමෙන්ටීවා තෙවැනි ටෙනිස් කිරුළත් දිනයි

රුසියාවේ එලීනා ඩෙමෙන්ටීවා රුසියාවේම මාරියා ෂරපොවා පරදවමින් මේ වසර ඇතුළත තෙවැනි කේවළ කිරුළ දිනා ගත්තාය.

ලෝක ටෙනිස් සංගමයේ රොජර්ස් කුසලාන තරගයේදී 27 හැවිරිදි ඩෙමෙන්ටීවා 6 – 4, 6 – 3 කින් ශ්‍රේණිගත නොවී සිටින ෂරපොවා පරාජය කෙළේ සිය ක්‍රීඩා දිවියේ 14 වැනි කේවල කිරුළ අත්කර ගනිමිණි.

“මම මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න ඇත්තටම කැමතියි. මා මේ තරගයට එන සෑම අවස්ථාවකම මට නරඹන්නන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.” ඩෙමෙන්ටීවා කියා සිටියාය.

“අවසානයේ මේ සූරතාව දිනා ගන්න ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. මෙය මගේ ක්‍රීඩා දිවියට ලොකු හයියක්.”

ඇය මේ වසරේ සිඩ්නි හා ඕක්ලන්ඩ් හිදීද සූරතා දිනා ගත්තාය. එහෙත් පසුගිය වසර කිහිපයේම ෂරපොවා හට එරෙහිව සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට ඩෙමෙන්ටීවා අපොහොසත් වූවාය. මේ ජයග්‍රහණය ෂරපොවා සමඟ පැවැති තරග 12කදී ඇයගේ තෙවැනි ජයග්‍රහණය වෙයි. තෙවසරකට පසුව පළමු ජයග්‍රහණයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා