කලීඩා ෂියාට-පුත්‍රයාට යළිත් දූෂණ චෝදනා

කලීඩා ෂියාට-පුත්‍රයාට යළිත් දූෂණ චෝදනා

‘එවකට බංග්ලාදේශයේ අගමැතිව සිටි කලීඩා ෂියා සහ ඔහුගේ වැඩිමහල් පුත් ටරීක් රහ්මන් අනාථ නිවාසයකට ලබාදීමට තිබූ ඩොලර් 305,000 ක් වංචා කැර ඇති බව ඩැකා අධිකරණය විසින් ඉකුත් සඳුදා පූර්ව - නීන්දුවක් ප්‍රකාශයට පත්කැර ඇත.

එරට බලය අල්ලාගත් හදිසි අවස්ථා රජය විසින් 2007 දී මේ විමර්ශනය අරඹා තිබිණි. මේ අනුව, කලීඩා ෂියා ඇතුළු පස්දෙනකුට විරුද්ධව එරට අධිකරණයේ නඩු පැවරේ.

කෙසේ වෙතත්, කලීඩා ෂියා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා යන දෙදෙනා මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි. 1981 දී ඝාතන කරනු ලැබූ එවකට සිටි ජනාධිපති වූ තම සැමියා අනුස්මරණය කිරීමට කලීඩා ෂියා අනාථ නිවාස දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී.

කෙසේවෙතත්, මේ සඳහා ක්වේට් ජාතික ව්‍යාපාරිකයෙක් විසින් ප්‍රදානය කළ ටකා මිලියන 21 ක මුදලක් සොරකම්කැර ඇතැයි යන්න ඇයට විරුද්ධව ඇති චෝදනාවයි.

කලීඩා ෂියා ඇතුළු වරදකරුවන් ලබන ඔක්තෝම්බර් 25 දින යළිත් අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.

මේ වංචාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් නියම කැරෙනු ඇත.

ඉකුªත් දෙසැම්බරයේ බංග්ලාදේශයේ පැවති මහමැතිවරණයෙන් ඇයට අන්ත පරාජයක් අත්වී ඇයගේ පරම සතුරකු වශයෙන් සැලකෙන ෂීක් හසීනා එරට අගමැති ධුරයට පත්වූවාය.

ෂික් හසීනා සහ කලීඩා සියා යන දෙදනම හදිසි අවස්ථා රජය යටතේ ප්‍රශ්න චෝදනා සම්බන්ධයෙන් වසරක සිර දඬුවම් ලැබූහ.

කලීඩා ෂියාගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම දූෂණ චෝදනා ලැබ සිටින දෙවන පුත්‍රයාද වෛද්‍ය හේතුමත විදේශ රටවල දැනට ප්‍රතිකාර ලබමින් සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා