මධ්‍ය චීනයේ ගල්අඟුරු ආකරයක වායු පිපිරීමකින් 35 ක් මිය යති

මධ්‍ය චීනයේ ගල්අඟුරු ආකරයක වායු පිපිරීමකින් 35 ක් මිය යති

මධ්‍ය චීනයේ හෙනෑන් පළාතේ පිංඩිංෂාන් නගරයේ ගල් අඟුරු ආකරයක ඊයේ උදේ ඇති වූ වායු පිපිරුමකින් ආකර කම්කරුවන් 35 දෙනෙකු මියගොස් ඇති අතර මෙය ලියන මොහොතේ තවත් 44 දෙනෙකු ආකරය තුළ හිරවී සිටින බව ප්‍රකාශ වී තිබිණ.

පිපිරුම ඇතිවන අවස්ථාවේ 93 දෙනෙකු එහි සේවයේ යෙදී සිට ඇති අතර ඉන් 14 දෙනෙකු දිවි බේරාගෙන තිබේ.

රාජ්‍ය කාර්යා රක්ෂණ පරිපාලනය පවසා තිබුණේ ඊයේ උදේ වරුවේ ගැලවුම් කටයුතු සිදුවෙමින් පැවති බවය.

අදාළ ආකරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පැවති අතර නාගරික බලධාරින් විසින් එහි කැනීම් කටයුතු යළි සිදුකිරීමට අවසරය ලබාදී නොතිබිණ.

චීනයේ ආකර කර්මාන්තය සම්බන්ධයෙන් පැනවී ඇති ආරක්ෂණ තහංචි නොතකා බොහෝ තැන්හි ලාබයම මුල්කොටගෙන ක්‍රියාකිරීම මෙවන් අනතුරුවලට හේතුවී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා