කාශ්්මීරයේ මගීන් පුරවාගත් බසය පෙරැළී

කාශ්මීරයේ මගීන් පුරවාගත් බසය පෙරැළී
විසිහයක් මරුට: දහනවයකට තුවාල

ඉන්දීය කාශ්මීරයේ ඩොඩා දිස්ත්‍රික්කයේ කඳුකර මාර්ගයකදී පමණට වැඩි මගීන් පටවා ගත් බස්රියක් ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරලීමෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනකු තුවාල ලබා තිබෙන බව පොලීසිය ප්‍රකාශ කැර තිබේ. සිද්ධිය ඇතිවී තිබෙන්නේ පෙරේදාය.

අනතුරේදී 20 දෙනකු එතැනම මියගොස් ඇත. සෙසු හයදෙනා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුය. තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තාවී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා