කාශ්මීර හමුදා රියකට හත් හැවිරිදි දැරිය බිලි

කාශ්මීර හමුදා රියකට හත් හැවිරිදි දැරිය බිලි

ජනතාව නොසන්සුන් වී උද්ඝෝෂණ

ඉන්දීය කාශ්මීරයේ සුම්බාල් නගරයේ පෙරේදා පැවති මහජන දැක්මකදී හමුදා රියකට යටවී හත්හැවිරිදි මුස්ලිම් දැරියක මියයාමෙන් කෝපයට පත් නේවාසිකයන් හමුදා රිය දෙකකට ගිනිතබා උද්ඝෝෂණ පවත්වා තිබේ.

ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස් මැඬලීමට, හමුදාව බැටන් පහරදී කඳුළු ගෑස් යොදා ගෙන තිබිණි.

මෙහිදී උද්ඝෝෂකයන් 24 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. නගරයේ නොසන්සුන් කාරිත්වය උත්සන්නව ඇති බැවින් අතිරේක පොලිස් හමුදා එහි කැඳවා ඇත. “ගිනිගත් හමුදා රිය අත්හැර හමුදා පිරිස් පළාගිය අතර “ඝාතකයන් එල්ලනු, යැයි හඬතලමින් උද්ඝෝෂකයන් පෙලපාලියනු දක්නට ලැබී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා