කුණාටු විපත් කළමනාකරණය කරගත නොහැකි වුණැයි

කුණාටු විපත් කළමනාකරණය කරගත නොහැකි වුණැයි

තායිවාන් අගමැති ඉල්ලා අස්වෙයි

ඉකුත් මාසයේදී තායිවානයට හමා ආ මොරාකොට් චණ්ඩ මාරුතයෙන් සිදුවූ විපත නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපොහොසත් වීම නිසා, තායිවාන් අගමැති ලියූ චාඕ ෂියුවාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ චණ්ඩ මාරුතය ඉකුත් අඩ සියවසේදී එරටට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකේ. මේ නිසා පුද්ගලයන් 600කට අධික පිරිසක් මියගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූහ. අතුරුදන් වූ සංඛ්‍යාව 75කට අධිකය.

කූමින්ටෑං පක්ෂයේ මහ ලේකම් නව අගමැතිවරයා වශයෙන් ජනාධිපති විසින් නම්කැර තිබේ. අගමැති ලියුෆ්ගේ කැබිනට් මණ්ඩලයේ සිටි වැදගත් අමාත්‍යවරුන් කිහිප දෙනකුද ඉල්ලා අස්වනු ඇතැයි අපේක්ෂිතය.

අලුතින් අගමැති පදවි ප්‍රාප්ත වූ ඩෙන් යී බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍රවූ උගතෙකුවුවත්, මුදල් සහ ආර්ථික කටයුතු පිළිබඳ හල අත්දැකීම් වලින් පරිපූර්ණ අයකු නොවන නිසා තායිවානය මුහුණ දී ඇති අර්බුදයෙන් එරට මුදාගැනීමට ඔහුට අසීරුවනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා