මුෂාරෆ් නීතිය හමුවට ගෙන එනවා

මුෂාරෆ් නීතිය හමුවට ගෙන එනවා

නවාස් ෂරීෆ්ගෙන් ප්‍රතිඥා

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට එරෙහි ව නඩු පැවරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නවාස් - මුස්ලිම් ලීගයේ නායක නවාස් ෂරීෆ් මේ ආඥාදායකයා නීතිය හමුවට ගෙන එන බවට ප්‍රතිඥා දී තිබේ.

‘ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලබා දිය යුතුයි. මෙවන් වරදකරුවන්ට දඬුවම් ලබාදීම ගැන තැකීමක් නොකරන රටවලට කිසිදා සාර්ථක පැවැත්මක් නොතිබිය හැකි යැ’යි ඔහු පෙරේදා ප්‍රකාශ කෙළේ සිය පක්ෂයේ මධ්‍ය විධායක කමිටු රැස්වීමේදී ය.

මේ විධායක කමිටුව පෙරේදා රැස්වී පක්ෂයේ වැඩකටයුතු ගැන සාකච්ඡා කරන ලදී. එහි දී පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන ද අවධානය යොමු කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා