ඕලන්ද පිලිප්ස් සමාගමෙන් කියුබාවට ද්‍රෝහිකමක්

ඕලන්ද පිලිප්ස් සමාගමෙන් කියුබාවට ද්‍රෝහිකමක්

ඕලන්ද බහුජාතික පිලිප්ස් සමාගමින් කියුබාව ලබාගත් වෛද්‍ය උපකරණ වෙනුවෙන් එම සමාගම අමතර කොටස් සපයා නොදීම, කියුබාව මත පණවා ඇති එක්සත් ජනපද සම්බාධක වලට යටවීමක් බව පෙන්වා දෙන කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ පිලිප්ස් සමාගම “ද්‍රෝහියකු” ලෙස හංවඩු ගසා ඇත.

83 හැවිරිදි කැස්ත්‍රෝ රාජ්‍ය මාධ්‍ය මගින් මේ බව ප්‍රකාශ කළ අතර, ඔබාමා පාලනය යටතේද නොවෙනස්ව ඇති බුෂ් පාලනයේ පැවති බලපෑම්වලට නතුව පිලිප්ස් සමාගම කියුබාවට හා වෙනිසියුලාවට එරෙහිව ද්‍රෝහිකම් සිදුකරන බව කියා සිටියේය.

වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ගේ උපදෙස් මත ඕලන්ද පිලිප්ස් සමාගමෙන් හා ජර්මනියේ සීමන්ස් සමාගමින් අභිවර්ධිත වෛද්‍ය උපකරණ ලබා ගත්තද පිලිප්ස් සමාගම ඊට අවශ්‍ය අමතර කොටස් ලබානොදීම අමෙරිකා එක්සත් ජනපදයේ නිහීන පිළිවෙතට යටවීමක් බවද කැස්ත්‍රෝ කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා