ගබෝන් ජනපතිවරණයේ ප්‍රතිඵලයට ජනතා විරෝධය

ගබෝන් ජනපතිවරණයේ ප්‍රතිඵලයට ජනතා විරෝධය

මත භේදයට තුඩු දුන් ගබොන් ජනාධිපතිවරණයේ ඡන්ද නැවත ගණන් කළ යුතු බව ප්‍රතිවාදී දේශපාලනඥයන් බලකැර සිටී. මැතිවරණයෙන් අනතුරුව සිදුවූ ‘ලේ වැගිරීම’ රජය වසන් කිරීමට ප්‍රයත්න දරන බවටද චෝදනා එල්ල වී තිබේ.

ඉකුත් අගෝ්ස්තු 30 පැවැති ඡන්දයෙන් හිටපු ජනාධිපතිගේ් පුත් අලී බොංගෝ ජයග්‍රාහකයා වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ලේ වැගිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අය සොයා ගැනීමට ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් පැවැත්විය යුතු බවට ප්‍රතිවාදීහු අවධාරණය කරති. ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා ඇත්ත වශයෙන්ම මිය ගිය සංඛ්‍යාව රජය වසන් කරන බවට චෝදනා එල්ල වේ.

බොංගෝගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති සාකෝසි සුබ පැතුම් පණිවුඩයක් එවා තිබේ. ප්‍රංශයේ ස්ථාවරයට පොදු ජනයාගේ විරෝධය එල්ල වී තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දින ගණනාවක් පුරා තැනින් තැන විරෝධතා ව්‍යාපාර දියත් විය. හදිසි අවස්ථාව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රජය තර්ජනය කිරීමත් සමග මෙම විරෝධතා තාවකාලිකව යටපත් වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා