දෙවැනි නිදහසේ පළමු සැමරුමයි මේ

දෙවැනි නිදහසේ පළමු සැමරුමයි මේ

- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්

අද අප මේ සමරන්නේ 1948 දී ලැබුණු නිදහසෙන් පසු උදා වූ දෙවැනි නිදහසේ පළමු සැමරුම බවත් අවුරුදු 32ක් පමණ අප භීතියට පත් කරමින් , 2009 මැයි 18 දින නන්දිකඩාල් කළපුවෙන් අවසන් කිරීමට හැකි වු කුරිරු ත්‍රස්තවාදීන්ගේ යුද්ධයෙන් පසු අප රටට ලැබුණේ දෙවැනි නිදහස බවත් නුගේගොඩ කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ 62 වැනි නිදහස් සැමරුව වෙනුවෙන් හංවැල්ල නගරයේ පැවැති නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

ඒ මහතා මෙසේ ද පැවැසීය.

1948ට පෙර තිබූ තත්ත්වය නිසා ලැබූ නිදහසත් බොහෝ වටිනවා ඊට පෙර ඒ අය කොපමණ බලපෑම්වලට යටවී ජීවත්වන්න ඇති ද ? ඒ පිළිබඳව පතපොතින් අපට දැනගත හැකි දෑ අපමණයි.

 හංවැල්ල නගරයේ පැවැති නිදහස් සමරු උත්සවය ආරම්භ කිරීමට පොල්තෙල් පහන දැල්වූ අයුරු. අවිස්සාවේල්ල ශ්‍රී. ල. නි. ප ප්‍රධාන සංවිධායක සුමිත් විජේමුණි සොයිසා, පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් , හංවැල්ල පොලිස් ස්ථානාධිපති රේණුක ගමගේ ප්‍රා. සභා මන්ත්‍රී වැලිකල මහත්වරුද මෙහි වෙති.
ඡායාරූෑපය :- අවිස්සාවේල්ල විශේස එස් පද්මපෙරුම

පසුගිය අවුරුදු තිස් දෙකේ අප කොපමණ බියෙන් සැකෙන් ජීවත් වුණා ද ? පාසලට , පන්සලට . කඩපිලට රැකියා ස්ථානයට නිදහසේ බියෙන් සැකෙන් තොරව යන්න හැකියාව තිබුණ ද ? නමුත් අද අපි ඒ සියල්ලගෙන්ම නිදහස් වෙලා මේ ලැබූ නිදහස ඉදිරියටත් ආරක්ෂා කැර ගැනීම අපේ යුතුකමක් ඒවාගේම මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අපේ ජාතික කොඩියටත් නියම තැන ලබාදිය යුතුයි කියාය.

සියනෑදී සිව් කෝරලයේ අධිකරණ සංඝනායක කහහේනේ මේධානන්ද හිමි

1815 දී අපේකම අපේ රටට අහිමි වුණා. අපේ රජෙක් යටතේ අපේ රට පාලනය කිරීමට තිබූ අවස්ථාව නැති වුණා.

විදේශ ආක්‍රමණිකයන්ට අප රට නතුª වුණා. එසේ අහිමි වූ නිදහස ලබා ගැනීමට සිංහල වීරයන් කටයුතු කළා. ජීවිත දහස් ගණනක් අහිමි වුණා. 1948 දී යම් ආකාරයක නිදහසක් ලැබුණත් , එය නියම නිදහසක් වුණේ නැහැ.

එම නිදහසත් මීට අවුරුදු 32කට පෙර සිට ගිය වසරේ මැද දක්වා නැති වුණා. අපි සීමිත බිම් කඩකට සීමා වුණා. ඒ ඒ කාලවලදී පත් වුණු නායක නායිකාවන් කළ කී ;ද් නිසා අප සැම ත්‍රස්තවාදයට යටවුණා.

නමුත් අපේ වර්තමාන නායකතුමා යටතේ ඒ නැති වී ගිය නිදහස සම්පූර්ණයෙන්ම අපට ලැබී තිබෙනවා. ඒ ලැබුණු නිදහස ඉදිරියටත් රැක ගැනීම අප සැමගේත් යුතුකමක්.

සුමිත් විජේමුණි සොයිසා මහතා

සුද්දන්ගෙන් කළු සුද්දන්ට ලැබුණු නිදහස 1972 දක්වා මහ රැජිනට යටත්වයි තිබුණේ. 62 වැනි නිදහස් දින සැමරුම නියමානුකූලව සැමරීමට අපට අවස්ථාව සලසා දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ ගෞරවාන්විත ස්තූතිය මේ අවස්ථාවේ පළකර සිටිනවා.

හංවැල්ල පොලිසිය , සීතාවක ප්‍රා. සභාව හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය හා සිවිල් ආරක්ෂක බළකාය සංවිධානය කැර තිබූ මේ උත්සවයට හංවැල්ල පොලිස්ථානාධිපති රේණුක ගමගේ , කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආරියරත්න ජයසිරි , ප්‍රජා සම්බන්ධතා නිලධාරි ඩබ්ලිව්. පී. ඒ. ධර්මසේන මහත්වරුද සහභාගී වූහ.

රුවන්පුර විද්‍යාපීඨයේ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ නිදහස් සමරු දේශනයක් පැවැත්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා