කෲස් වත්ත ඉඩම් යායේ බිම් කොටස්වල අනවසරයෙන් පදිංචි වෙලා

 කෲස් වත්ත ඉඩම් යායේ බිම් කොටස්වල අනවසරයෙන් පදිංචි වෙලා

ගුවන් හමුදා සහ පොලිස් නිලධාරීන්ට බෙදා දුන් උදම්විට කෲස්වත්ත ඉඩම් යායෙහි ඇති හිස් බිම් කැබලිවල ප්‍රදේශයේ ඇතැම් පිරිස් බලහත්කාරයෙන් පදිංචිව සිටීම හේතුවෙන් එම බිම් කොටස්වල නීත්‍යානුකූල හිමිකරුවන්ට ඒවායේ පදිංචියට පැමිණීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ.

එම බිම් කොටස් හිස්ව තිබුණේ ඒවායේ හිමිකමැති, නිලධාරීන් දුර බැහැර පෙදෙස්වල රාජකාරි සඳහා අනුයුක්ත කැර සිටි බැවිනි. ඉඩම්වල ඔප්පු පවා ඔවුන් සතුව ඇතත් තම අයිතිය ඉල්ලා පැමිණි විට අනවසර පදිංචිකරුවන් ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර පලවා හරින බව කියති.

කොටුගොඩ පිහිටි මේ කෲස්වත්ත සහනදායි අය කිරීමක් යටතේ 1990 වසරේදී රණවිරුවන් අතර බෙදා දෙනු ලැබුවේ නිවාස සංවර්ධන අධිකාරිය මගිනි.

කෲස්වත්ත 8 වන හරස් පාරේ ඉඩම් කට්ටි 77, 78, 90 මේ බලහත්කාරකමට වඩාත්ම නතුව ඇති බැව් පවසන අනෙකුත් පදිංචිකරුවන් එම ඉඩම් කට්ටිවල වෙසෙන්නන් සොරකම් හා අපචාර ක්‍රියා වලින් පරිසරයේ පැවැත්ම වනසාලන බවටත්, මත්පැනින් සප්පායම් වී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන්ට පවා ප්‍රසිද්ධියේ පහත් වචනවලින් අපහාස කරන බවටත් චෝදනා කරති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා