මවුබිමේ යහපත වෙනුවෙන් කැපවීමේන් කටයුතු කළ යුතුයි

මවුබිමේ යහපත වෙනුවෙන් කැපවීමේන් කටයුතු කළ යුතුයි

- කළුතර දිස්ත්‍රික් ලේකම් එස් හපුආරච්චි

අප ලක්බිම ඕලන්ද පෘතුගීසි හා බ්‍රිතාන්‍ය ජාතීන්ගේ ග්‍රහණයට හසුව වරින්වර ජාතියක් වශයෙන් විවිධ වද හිංසාවලට ගොදුරු වූ බවත් අනතුරුව සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් ආගම් කුල බේදයකින් තොරව රටේ නිදහස පතා පෙරමුණ ගත් අතර 1948 පෙබරවාරි මස 4 වැනි දින සිට නිදහස බුක්ති විඳීමේ භාග්‍යය උදා වූ බවත් ඒ සඳහා කැපවීමෙන් වැඩකළ අනගාරික ධර්මපාලතුමා, ඩී. ඇස්. සේනානායක, ටී. බී. ජයා , රාමනාදන්පොන්නම්බලම් , ටිබෙට් ඇස් මහින්ද හිමි , ඩී. බී ජයතිලක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි වීරයන්ගේ ඕනෑකමත් උත්සාහයත් නිසා රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් නිදහස ලැබූ බවත් කළුතර දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ 62 වැනි ජාතික නිදහස් දින සැමරීමේ උත්සව සභාවේදී ය.

තවදුරටත් අදහස් දැක් වූ හපුආරච්චි මහතා මෙසේ ද පැවැසීය.

ඉදිරි දසකය සෞභාග්‍ය දසකයයි. ඒ සඳහා අප සියලු දෙනාම ඇප කැප වීමෙන් යුතුව හැඟීම්බරව රටේ පොදු යහපත වෙනුවෙන් තම තමන්ගේ යුතුකම එපරිද්දෙන්ම ඉටුකළ යුතුයි.

අතිරේක දිසාපතිනි පී. ජී. එස්. ගුණතිලක මහත්මිය

තිස් වසරක් පැවැති ත්‍රස්ත උවදුර විනාශ කිරීමෙන් පසු පැවැති ප්‍රථම නිදහස් දිනයයි මේ. අනාගත පරපුරට ලක්බිමේ නිදහස නිසි අයුරින් භුක්ති විඳීමේ භාග්‍ය උදාකර දීම ගැන ජනාධිපතිතුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කළ යුතුයි.

කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම

ලොකුවිතාන මහතා ද කතා කෙළේ ය.

මෙහි දී පාසල්වලින් සහභාගී වූ දරු දැරියන්ට ත්‍යාග සහ අභ්‍යාස පොත් විශාල තොගයක් ද ඇස් කණ්ණාඩි 75ක් ද ට්‍රයිසිකල් දෙකක් රෝද පුටුවක්, වියළි සලාක, මෙන්ම කෑම පාර්සල් තොගයක්ද අවශ්‍ය පරිදි ;බදා දෙන ලදී.

මේ ජාතික උත්සවය වෙනුවෙන් විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විදුහල්පතිවරු, කණ්ඩායම්භාර ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා