හොරණ පාසල් 40කට පරිගණක මධ්‍යස්ථාන

හොරණ පාසල් 40කට පරිගණක මධ්‍යස්ථාන

“මහින්ද චින්තන” වැඩපිළිවෙළට සමගාමීව පාසල් දරු දැරියන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට අදාළව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍ර‍්‍රාමීය පදනමක් සහිත තෝරාගත් පාසල් 40 ක් සඳහා පරිගණක මධ්‍යස්ථාන 40 ක් ආරම්භ කිරීම දැන් සිදුවෙමින් පවතී.

මීට සමගාමීව හොරණ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සම්බන්ධීකරණයෙන් අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ අධ්‍යාපන කලාපයේ ගැමි පාසල් 06 ක් සඳහා පරිගණක මධ්‍යස්ථාන 06 ක් ඉකුත් ජනවාරි මාසයේ පමණක් ලබාදී ඇත.

මිල්ලෑව මහ විදුහල, හඳපාන්ගොඩ සාගර පලන්සූරිය විදුහල, පොකුණුවිට සිරිමෙවන් මහා විදුහල, මීවනපලාන මහ විදුහල, හොරණ ශ්‍රී මෙධංකර මහ විදුහල, තක්ෂිලා කනිෂ්ඨ විදුහල එම විදුහල් වේ.

අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පරිගණක මධ්‍යස්ථාන සිසු අයිතියට පැවරිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා