බේරුවල ප්‍රදේශයේ ජලභීතිකා මර්දන වැඩසටහනක් ඇරැඹේ

 බේරුවල ප්‍රදේශයේ ජලභීතිකා මර්දන වැඩසටහනක් ඇරැඹේ

කළුතර දිස්ත්‍රික්කයේ කාලයක් තිස්සේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්ව තිබූ ජලභීතිකා රෝගය සහ සුනඛ සපාකෑම් පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ සැත්කම් කිරීමේ වැඩසටහනක් බේරුවල අරඹා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා බේරුවල ප්‍රාදේශීය සභාවේ පූර්ණ සහයෝගය ඇතිව පසුගියදා මෙය ආරම්භ කැරිණි.

ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරන සුනඛයන් අල්ලා වන්ද්‍යාකරණ සැත්කම් සිදුකෙරේ. සැත්කම් සිදුකරගැනීමට විශාල සුනඛයන් සංඛ්‍යාවක් ගෙනැවිත් තිබිණි.

බේරුවල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ප්‍රසන්න සංජීව මහතා එහිදී මෙසේ පැවැසීය.

අයාලේ යන සුනඛයන්ගේ වර්ධනය දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. බේරුවල මැතිවරණ බල ප්‍රදේශයේ සුනඛ සපාකෑම් වැඩිවෙලා. විශේෂයෙන් බේරුවල කියන්නේ සංචාරක පුරවරයක්. වැරදිලාවක්වත් සංචාරක ප්‍රදේශයේදී විදේශිකයකුව සුනඛයෙක් සපාකෑමෙන් අපට විශාල පාඩුවක් හා කැළලක් වෙන්න පුළුවන්.

පසුගිය දිනවල පිස්සු බල්ලෙක් බේරුවල පාදාගොඩ ප්‍රදේශයේ කිහිපදෙනකුව සපාකෑවා. රෝහල්වලින් අසන්න ලැබෙන්නේ දිනෙන් දින සුනඛ සපාකෑම් වැඩි වී ඇති බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා