පොල් ලෙලි හිඟයෙන් ගම්පහ කොහු කර්මාන්තය අර්බුදයක

පොල් ලෙලි හිඟයෙන් ගම්පහ කොහු කර්මාන්තය අර්බුදයක

දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්

ගබඩා කර ඇති පොල්ලෙලි තොග

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, මීරිගම හා දොම්පේ ප්‍රදේශවල කොහු කර්මාන්තයේ නියැලී සිටින පිරිසට පොල් මිල ඉහළ යෑම නිසා පොල් ලෙලි හිඟයට මුහුණ දීමට සිදුවී තිබේ. මේ නිසා දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් උදාවෙමින් පවතී.

රුපියල් 1000 කට පැවැති පොල්ලෙලි දහසක් මේ වනවිට රුපියල් 3000 දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත කරුවෝ පවසති.  එම මිලට වුවද පොල්ලෙලි සොයා ගැනීම දුෂ්කර වී ඇති බව ද ඔවුහු කියති.

පොල්ලෙලි 5000ක් පමණ කර්මාන්ත ශාලාවකට දෛනිකව අවශ්‍ය වන බවද පැවැසේ. කොහු කර්මාන්තය ආශි‍්‍රත නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දුෂ්කරතාවක් නැතත් ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදනය කිරීමට පොල්ලෙලි නොමැති බව ඔවුහු කියති.

කොහු කර්මාන්තයේ නිරත සේවක පිරිසක්.

පොල්ලෙලි ගෙනා විගස භාවිතයට ගැනීමට නොහැකි අතර ඒවා දින 30 ක් වත් ජලයේ පෙඟවිය යුතුය. ඉදිරියේ දී තම නිෂ්පාදන සඳහා බලවත් ගැටලුවක් ඇතිවී තිබෙන බව කර්මාන්තකරුවෝ මැසිවිලි නගති.

කොහුබත් හා පොල්කෙදි දෙවර්ගයක් නිපදවෙන මෙම කර්මාන්ත ශාලාවල නිපදවෙන අමුද්‍රව්‍ය සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, පවතින එකම ගැටලුව පොල්ලෙලි හිඟය බවත් ඔවුහු කියති.

 

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා