කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දූපත් ප්‍රදේශය සංවර්ධනයට

කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දූපත් ප්‍රදේශය සංවර්ධනයට

කළුතර කැලිඩෝ වෙරළ අතුගංගා තීරය හා දූපත් ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්ලාල් මැන්ඩිස් මහතාගේ උපදෙස් හා ප්‍රතිපාදන යොදා ගනිමින් මෙහි මූලික පියවර කැලිඩෝ පාර ගංගාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කොට තිබේ.

ඉදිවන නව පාලම

එහි එක් පියවරක් ලෙසට ගංගාරාම පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට ළඟා වීම සඳහා ලක්ෂ 38ක වියදමින් අලංකාර පාලමක් සකසා තිබේ.

කැලිඩෝ අතු ගංගාව සංවර්ධනය කිරීම, ධීවර කටයුතු ක්‍රමවත් කිරීම හා කැලිඩෝ පුරවරය අලංකාර කිරීම ක්‍රමිකව සිදු කිරීමට ද සැලැසුම් සකස් කොට තිබේ.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ කැලිඩෝ වෙරළ සංවර්ධනය කිරීමේ යෝධ වැඩපිළිවෙළ හා සමගාමීව එම කටයුතු සිදුකෙරේ.

කැලිඩෝ ප්‍රවේශ මාර්ගය පාරිසරික අතින් අලංකාර කිරීම මෙහි අරමුණ බව ධම්මික ප්‍රනාන්දු මහතා පැවැසීය.

කීනපැලැස්සේ සෝමානන්ද හිමි

ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පාරිසරික පද්ධතිය පිහිටලා තියෙනවා. මෙහි ඇති පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ තොරතුරු ලබා ගැනීමට විශාල පිරිසක් එනවා. විහාරයට එන දායක දායිකාවන්ට ගැටලුවක්ව පැවැති මාර්ග අපහසුතාව මේ පාලම නිසා මඟ හැරී යනවා. විවිධ රජයන්වලින් ඉල්ලීම් කළත් මෙය කරේ නෑ. අද එය ඉටුවුණා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා