කඨින චීවරය සියතින්ම නිමවා සඟරුවනට පූජා කරන පින්වත් පවුලක්

කඨින චීවරය සියතින්ම නිමවා සඟරුවනට පූජා කරන පින්වත් පවුලක්

පියා මියගියත් පින්කම අත් හැරියේ නෑ

සීමන් මහතා සෑදූ අත්යන්ත්‍රය අසල ඔහුගේ
දියණිය එච්. පී. සෝමාවතී මහත්මිය

මසන ලද කඨින චීවරය සංඝරත්නයට
පූජා කරමින්.

ලී වලින් සෑදු අත්යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින්, දැනට දහනව වසරක්ම කඨින චීවරය වියා එවේලේම මසා, එවේලේම පඬුපොවා වේලා වස්වැසූ මහා සංඝයාවහන්සේට පූජා කිරීමට දායකත්වය ලබාදුන් මීරිගම හන්දුරුමුල්ලේ ආර්. සීමන් මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන් සැමට ආදර්ශයකි.

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරන කඨින පූජෝත්සවයේ විශේෂත්වය වන්නේ කඨින චීවරය බෞද්ධ මණ්ඩලය තුළම විවීමයි.

බෞද්ධ මණ්ඩලයේ කළමනාකාර එම්. සී. ද විල්මන් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

චීවරය විවීම සඳහාම සීමන් මහතා විසින් ලීවලින් අත්යන්ත්‍රයක් හැදුවා.  දැනට වසර 19 ක්ම කඨින චීවරය විව්වේ මැෂිමෙන්. කපු නූල් සොයා ගත්තේ සීමන් මහතාගේ පවුලේ ඥාති පිරිස විසින්මයි.  කඨින චීවරය එවේලේම මසා, පඬු පොවා වස්වැසූ මගසඟරුවනට පූජා කිරීම මෙහි විශේෂත්වයයි.

ආර්. සීමන් මහතාගේ දියණිය එච්. ජී. සෝමාවතී මහත්මිය - මගේ පියා දැනට මාස කීපයකට ඉහතදී මියගියා. එහෙත් පවුලේ අය මේ පුණ්‍ය කර්මයට පිටුපෑවේ නැහැ.

මේ වසරේත් පෙර පරිද්දෙන් චීවරය වියා මගසඟරුවනට පූජා කිරීමට මහන්සි ගත්තා. අපි මේ සියලු කටයුතු කරන්නේ සත්භාවයෙන් යුතුවයි.  පවුලේ සියලුම ඥාතීන් නිදි මරාගෙන විශාල කැපවීමකින් යුතුවයි මේ කාර්ය කරන්නේ.

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා