හුංගම තිල්ලාවටවන ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු ඇරැඹේ

හුංගම තිල්ලාවටවන ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු ඇරැඹේ

වසරකට ලුණු මෙට්ට්‍රික් ටොන් දස දහසක්

සංවර්ධනය කිරීමට පෙර කළපුව

හිරු එළියත්, සුළඟත්, මුහුදු ජලයත් පමණක් උපයෝගී කරගෙන ස්වභාවිකව නිෂ්පාදනය කරන හුංගම තිල්ලාවටවන දකුණුලක ලුණු පිරිපහදු යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු මේ වන විට අරඹා තිබේ.

වසරකට ලුණු මෙට්ට්‍රික් ටොන් දස දහසක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් සෘජු හා වක්‍ර රැකියා විශාල ගණනක් බිහි වෙනු ඇතැයි අදාළ සමාගම කියා සිටියි.

කිසිදු රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයෙන් තොරව ස්වභාවික ලෙස ලුණු නිෂ්පාදනය කිරීම මෙහි විශේෂත්වය වේ.

අක්කර තුන්සියයක් පමණ විශාල මේ කළපුවේ ලුණු මුදවීමට අවශ්‍ය බිම් සකස් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර ලුණු නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය ප්‍රදේශයෙන්ම සොයාගෙන ඇති අතර ඔවුන්ට දිනකට රුපියල් දහසක පමණ දීමනාවක් හිමි වේ.

ජලය, විදුලිය, මං මාවත් යන යටිතල පහසුකම් ද මේ වන විට සංවර්ධනය කර තිබේ. මේ වසර අවසන් වන විට ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන්ම නිම වන අතර නිෂ්පාදන මුළු ලෝකයටම බෙදා හැරීමට අදාළ සමාගම කටයුතු කරයි.

සංවර්ධනයෙන් පසු

නිෂ්පාදනය කරන ලුණු පැකට් කිරීම සඳහා බට අත කර්මාන්ත පුරයේ අංග සම්පූර්ණ කම්හලක්ද ඉදි කර තිබේ. වසරකට ලුණු මෙට්ට්‍රික් ටොන් දස දහසක් නිෂ්පාදනය කිරීමට ඉලක්ක කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ හුංගම තිල්ලාවටවන පදිංචි ජිනදාස සරණසිංහ

මීට අවුරුදු දහයකට පමණ පෙර මේ ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කරයි. ලයිට් නෑ. බොන්න වතුර නෑ. පාර තොට හරියට නෑ.  යන්න එන්න බස් එකක් නෑ. මේ සංවර්ධනයත් සමග ඒවා සම්පූර්ණ වී තියෙනවා.

පහසුකම් නැති නිසා එදා මේ ගම අත්හැර නගරයට ගිය අය අද ආයේ ගම් බිම් සොයාගෙන එනවා.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා