පදවිය ඉහළ ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කරයි

පදවිය ඉහළ ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කරයි

වැයවන මුදල ලක්ෂ 17ක්

පදවිය මහවැව සිට මහසෙන් පුර දක්වා ජලය රැගෙන යන පදවිය ඉහළ ප්‍රධාන ඇළ මාර්ගය රුපියල් මිලියන 1.7ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරේ. අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. බී. පලුගස්වැව මහතාගේ උපදෙස් මත පදවිය වාරිමාර්ග ඉංජිනේරු ඩී. එම්. පියදාස මහතාගේ මෙහෙයවීමෙන් මේ ඇළ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 1.7 ක මුදලක් වැය කරමින් ඉහළ ප්‍රධාන ඇළේ දකුණු පැති බැම්මේ පැරැණි පැති බැම්ම ඉවත් කර නව පැති බැම්මක් ඉදිකිරීමට කටයුතු අරඹා ඇත.

පැරැණි පැති බැම්ම අබලන් වී ජලය කාන්දුවීම හේතුවෙන් මේ ඇළ බැම්මේ ඉදිකිරීම් ආරම්භ කර ඇත. මේ ඇළ මාර්ගය යටතේ කුඹුරු අක්කර හාරදහසක් (4000) වගා කෙරෙනු ඇත. මේ ප්‍රධාන ඇළ මාර්ගයේත් අතුරු ඇළ මාර්ග විශාල ප්‍රමාණයක් හරහා කුඹුරු ගොවිතැන් සහ ගොඩ ගොවිතැන් සඳහා ජලය සැපයේ.

තවද මේ ඇළ මාර්ගය දිගු කිරීමෙන් ජලය නොමැතිව අතහැර දමා තිබූ විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයකට ජලය ලබා ගැනීමට හැකි වී තිබේ.

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා විසින් අබලන් වී ඇති කාණු පද්ධතිය පරීක්ෂා කරන අයුරු

ඉදිවෙමින් පවතින
පදවිය ඉහළ ප්‍රධාන ඇළ මාර්ගය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා