සිම්බාබ්වේ පැරදුණත් දිනුම්

සිම්බාබ්වේ පැරදුණත් දිනුම්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වූ සිම්බාබ්වේ පිලට මේ වසරේ සිට නැවත ටෙස්ට් තරගවලට එක්වීමේ අවස්ථාව උදාවී ඇත.

වසර 2005 සිට සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

සිම්බාබ්වේහි පැවැති දේ්ශපාලන ගැටුම් හා අස්ථාවරභාවය හේතුවෙන් අයි. සී. සී. ය ටෙස්ට් ක්‍රීඩාව අත්හිටුවීමට හේතුව විය. එහෙත් එක්දින හා විස්සයි – 20 තරගවලට බාධාවක් නොවීය.

ඒ අනුව ලබන අගෝස්තු මාසයේදී බංග්ලාදේශය සමග සැප්තැම්බර් මාසයේ පාකිස්තානය සමග ඔක්තෝබර් මාසයේ නවසීලන්තය සමග ටෙස්ට් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. සිම්බාබ්වේ අවසන් වරට ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ 2005 සැප්තැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහිවය. එහිදී සිම්බාබ්වේ පිලට තරග 2 – 0 ක පරාජයක් හිමි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා