ජාතික මල්ලවපොර හෙට සිට

ජාතික මල්ලවපොර හෙට සිට

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කරන ජාතික මල්ලවපොර සූරතා තරගාවලිය හෙට (23) සිට 26 දින දක්වා ශ්‍රී ලංකා ජූඩෝ සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.

කිලෝග්‍රෑම් 50, 55, 62, 67, 76, 85, 96 සහ 96න් ඉහළ යන බර පංති යටතේ ක්‍රීඩකයන් 150කට අධික සංඛ්‍යාවක් තරග වැදීමට නියමිත මෙවර සූරතාවලිය, 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා මල්ලවපොර සංචිතයක් ඇති කිරීම අරමුණු කරගෙන පවත්වන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් කපිතාන් ජේ. ටී. ආර්. මෙන්ඩිස් මහතා ‘දිනමිණ’ට පැවැසීය.

ඉදිරියේදී පැවැත්වෙන පාසල් මල්ලවපොර තරගාවලියෙන් පසුව එම සංචිතයට පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ද ඇතුළත් කරමින් පුහුණුවීම් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද මෙන්ඩිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා