ආරියදාස කුසලාන බැඩ්මින්ටන් 24දා සිට

ආරියදාස කුසලාන බැඩ්මින්ටන් 24දා සිට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය හා දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය හා එක්ව සංවිධානය කරනු ලබන ආරියදාස කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 24 සිට 27 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන තරග සඳහා අයදුම්පත් 130ක් පමණ ලැබී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා